නවතම පුවත්

කොවිඩ් ව්‍යාප්තිය බරපතලයි , දරුවන් සමාජයට රැගෙන එන්න එපා.!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සායනික කටයුතු සඳහා රෝහල් වෙත රැගෙන එන දැරුවන් හැර සෙසු දරුවන් සමාජයට රැගෙන නොයන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල මව්පියන්ගෙන් ඉල්ලීමක් කරසිටී .

එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ මේ වන විට දරුවන්ට කොරෝනා වෛරසය වැළදීමේ උපරිම ධාරිතාවකට පැමිණ ඇති බවයි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,

“කුඩා දරුවන්ට මේ සම්බන්ධ අවදානමේ යම්කිසි උපරිම අවස්ථාවකට මේ අවස්ථාවේ දී ඇතිවෙලා තියෙනවා. එම නිසා දරුවන් ගැන වැඩිපුර අවදානය කරන්න සහ දරුවන් ට මේ රෝගය වැලඳීම වැළැක්වීමට දෙමාපියන් සහ වැඩිහිටියන් වශයෙන් අපේ යුතුකම ඉතා හොඳින්ම අවශ්‍ය අවස්ථාවක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. මේ රෝග තත්ත්වය විශාල වශයෙන් පැතිර යනකොට ප්‍රතිශතය අඩුවුණත් සංඛ්‍යාව වැඩිවීම නිසා දරුවන් තුළත් සංකූලතා ඇති දරුවන් බහුලව දක්නට ලැබෙන්න පුළුවන්. මේ දිනවල දරුවන් නිවස තුළමයි සිටින්නේ. ඔවුන්ව අනවශ්‍ය ලෙස සමාජයට රැගෙන යෑම සහ රෝගය සහිත පුද්ගලයින්ට නොදැනුවත්වම පිටත සමාජයේදී නිරාවරණය වීම වැළැක්වීම දෙමාපියන්ගේ ඉතා විශාල වගකීමක් හා යුතුකමක්.”

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි