නවතම පුවත්

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත්කළ ඇප ඉල්ලුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දින  ප්‍රතික්ෂේප කර ඇත .

ඒ අනුව  ඔවුන් සිව්දෙනාව අගෝස්තු 23 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති තරුණියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ව පසුගිය දා අත්අඩංගුවට ගැණුනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ ඒ මහතාගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සහෝදරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු ය.

එම සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා