මළ සිරුරු මුදාහැරිම ගැන අධිකරණ අමාත්‍යාංශයෙන් නියෝගයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

නිරෝධානය නොකල පවුලක යම් සාමාජිකයකු මියගියහොත් ඔහුගේ මළ සිරුර පි.සි.ආර් පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය මගින් මරණ පරීක්ෂකවරුන්ට පැවරා ඇත

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය දැනුම්වත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂකවරුන්ට ලිඛිතව මේ වනවිටත් දන්වා ඇතැයි  කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා මාධ්‍ය වෙත පැවසීය .

යම් පුද්ගලයකු නිවසේදී හෝ රෝහලක දී මියගියහොත් ඔහුගේ හෝ ඇයගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර පි.සි.ආර්.පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබීමෙන් මෘත ශරීරාගාරවල ඇතිවන තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

යම් පුද්ගලයෙක් සැකකටයුතු අයුරින් මියගොස් තිබුනොත් හෝ සියදිවි නසාගෙන මියගියහොත්  සුපුරුදු නීතිමය කර්තව්‍යයන් සිදු කරන බව අධ්‍යක්ෂකවරයා කිය.