නවතම පුවත්

යුරෝපයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුරෝපයෙන් වාර්තා වන උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යමින් ඇති අතර මේ වනවිට යුරෝපාකරයේ රටවල් රැසක් මෙම අධික උණුසුමෙන් පීඩා විඳිමින් ඇත .

යුරෝපයෙන් මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම උෂ්ණත්වයේ වාර්තාව ද අළුත් වී ඇති අතර එම උෂ්ණත්වය මෙවර  ඉතාලියේ සිසිලි දූපතෙන්.වාර්තාවී ඇත

ඒ අනුව ඉකුත් දා සිසිලි දූපතෙන් වාර්තා වූ උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 48.8 ක් ලෙසය. එය යුරෝපයේ උෂ්ණත්ව වාර්තා  අලුත් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත ..

මීට පෙර යුරෝපයෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වාර්තා වි තිබුණේ ග්‍රීසියේ ඇතැන්ස් නුවරින් වන අතර . ඒ, 1977 වසරේදීය , එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ක් ලෙස වාර්තාගතව ඇත ..

දේශගුණික විපර්යාස හා උෂ්ණත්වය ඉහළ යාම යුරෝපය ප්‍රමුඛව ලොව කලාපීය රටවල් රැසක් මේවනවිට මුහුණ පාන බරපතල අර්බුදයක් බවට පත්ව ඇත . මේවනවිටත්  එහි දැඩි ප්‍රතිවිපාක විඳිමින් සිටින්නේ ග්‍රීසියයි. ග්‍රීසියේ හටගත් ලැව්ගිනි මෙතක් පාලනයකින් තොරව ව්‍යාප්ත වෙමින් පවති . විදෙස් රටවල සහය ලැබී තිබුණත් එම ලැව්ගිනි පාලනයට ග්‍රීසිය මෙතෙක් සමත් වීනැත . ඉදිරියේදී මෙවැනි තත්ත්ව ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක මතුවිය හැකි බවට අනුමාන කෙරේ ..

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා