නවතම පුවත්

රජයට අයත් කැඩුණු වාහන 5500ක් හදාගෙන පාවිච්චියට ගන්න සැරසේ

vehicles
අසංක

අසංක

රජයට අයත් වාහනවලින් දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන 5533ක් අතුරින් කඩිනමින්‌ අලුත්වැඩියා කළ හැකි වාහන ප්‍රයෝජනයට ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින්‌ තීරණය කර තිබේ.

එමෙන්ම එහි අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින්‌ නොපමාව අපහරණය කිරීමටත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී තීරණය වී ඇත.

ඒ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම්‌ ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්‌ අමාත්‍ය මණ්ඩලයේ අවධානය උදෙසා ඉදිරිපත්‌ කළ කරුණු ඇතුළත් යෝජනාවට සැළකිල්ලට ගෙනය.

දැනට අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන, රාජ්‍ය ව්‍යාපාර සහ පළාත්‌ සහා හා පළාත්‌ පාලන ආයතන සතුව වාහන 89,194ක් පවතී. ඒ අතුරින්‌ වාහන 76,661ක්‌ ධාවන තත්ත්වයේ පවතින අතර, වාහන 5533ක්‌ ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවති.

ධාවනය කළ හැකි වාහන අතුරින්‌ අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන සතුව වාහන 33931ක්‌ ද, රාජ්‍ය ව්‍යාපාර සතුව වාහන 26395ක්‌ ද, පළාත්‌ සභා භා පළාත්‌ පාලන ආයතන සතු වාහන 16,335ක්‌ ද පවතී.

එසේම, රාජ්‍ය ආයතනවල ඡ්‍යෙෂ්ඨ නිලධාරින්‌ 8,500කට පමණ මාසික දීමනාවක්‌ ලබා දී ඔවුන්ගේ පෞද්ගලික මෝටර්‌ රථ නිල ප්‍රවාහන පහසුකම්‌ සලසා ගානිම සඳහා භාවිත කිරීම පිණිස අනුමැතිය ලබා දී ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි