නවතම පුවත්

“ට්‍රම්ප්‍”ටත් ලබාදුන් කොවිඩ් බෙහෙත ශ්‍රී ලංකාවටත් සුදුසුයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ රටවල අනුමැතිය හිමි වූ “රෙගන් කෝව් ටු” නමැති ඖෂධය සම්බන්ධයෙන් මෙරට වෛද්‍ය පරීක්ෂකයින්ද සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත .

මෙරට කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ශල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර ද ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත්තේ මෙම ඖෂධය මගින් කොරෝනා මරණ අඩු කරගත හැකි බවය.

විශේෂයෙන්ම දැඩි අවදානමක් සහිත කොරෝනා ආසාදිතයින්ගේ ජීවිත බේරා ගැනීමට එම ඖෂධය ඉවහල් වනු ඇති බවටද  ඔහු නිර්දේශ කර ඇත

එම ඖෂධය ලබාගන්නා පුද්ගලයින්ගෙන් සෙසු පුද්ගලයින්ට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම වන බවද වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කර ඇත .

“රෙගන් කෝව් ටු” නමැති ඖෂධය හරහා කොරෝනා මරණ මෙන්ම ආසාදිතයින් වාර්තා වීම ද අඩුකරගත හැකි බව ඔහුගේ අදහසවේ.

ලෝකයේ රටවල අනුමැතිය හිමි වූ මෙම ඖෂධය මෙරටට ගෙන්වීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇත්තේ දේශපාලන බලපෑම් හේතුවෙන් බවට වාර්තා පලවිය .

මෙම ඖෂධය මෙරටට රැගෙන ඒම සඳහා පෞද්ගලික සමාගමක් මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකට අනුව ඊට අනුමැතිය ලැබී ඇති බවටද වාර්තා පලවිය

කෙසේවෙතත් එම අනුමැතිය හදිසියේ අවලංගු කර ඇත්තේ දේශපාලන බලපෑමක් මත බවට වැඩිදුරටත් වාර්තා වේ.

“රෙගන් කෝව් ටු ” නමැති මෙම ඖෂධය සම්බන්ධයෙන් ලෝකයේ පළමු වරට කතාබහක් මතු වුණේ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය අසාදානය වූ අවස්ථාවේදී එය ලබාදීමත් සමගය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි