ISIS වට්ස්ඇප් පණිවුඩය ගැන බියවන්න එපා – පොලිසිය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ISIS  සංවිධානයට සම්බන්ධ වට්ස්ඇප්  පණිවුඩයක් හා වට්ස්ඇප් සමූහයක්  පිළිබඳ සමාජ මාධ්‍යජාල මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසන්නේ අදාළ වට්ස්ඇප් පණිවුඩයේ සඳහන් ලිපිය ,  තහවුරු නොවූ කරුණක් සම්භන්ධව නිකුත් කල එකක්  වන බවයි .

ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් යොමු කළ දැනුම්දීමක් මෙසේ  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙවැනි දැනුම්දීම් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සාමාන්‍යයෙන් සිදුවන බව පෙන්වා දෙන නිහාල් තල්දූව මහතා අදාළ පණිවුඩයේ සඳහන් කරුණු නිශ්චිතව තහවුරු වී නොමැති බව වැඩිදුරටත් පැවසීය.

 

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ලිපිය පහත දැක්වේ .

No description available.