නවතම පුවත්

මෙරට ළමුන් පාසල් හැරයාමේ ප්‍රවණතාවයක් ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් අවදානම හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ නිසි පරිදි සිදු නොවීය. අවසන් වරට පසුගිය අප්‍රේල් මාසයට පෙර වසා දැමූ පාසල් යළි ලබන 21 වැනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන බළධාරීන් තීරණය කර තිබෙනවා.

21 වැනිදා විවෘත වන්නේ සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි පමණි. පාසල් සම්පූර්ණයෙන් විවෘත කිරීම සඳහා අවම වශයෙන් තවත් මාසයකට වැඩි කාලයක් ගතවනු ඇත.

පාසල් යළි විවෘත කළද බොහෝ දරුවන් පාසල් යාමට මැලිකමක් දැක්විය හැකි බවත්, සැළකිය යුතු සිසු සිසුවියන් ප්‍රමාණයක් පාසල් හැරයාමට ඉඩ තිබෙන බවත්, කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හ‍ා යොවුන් මන පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා. දිගුකාලීනව පාසල් වසා තැබීම, ඔන්ලයින් අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු නොවීම ඊට හේතු ලෙස දැක්විය හැකි බවයි වෛද්‍යවරිය පවසන්නේ.

විශේෂයෙන් 9 – 10 ශ්‍රේණිවල සිට ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් පාසල් හැරයන තත්ත්වයට පත්විය හැකි බවද වෛද්‍යවරිය සඳහන් කරනවා.

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දරුවන් පරිගණක හා ජංගම දුරකතන සමග වැඩි කාලයක් ගත කළ අතර එහි අහිතකර ප්‍රතිඵලයක් ලෙස දරුවන් අන්තර්ජාල ක්‍රීඩාවලට සහ සමාජ ජාලා මාධ්‍යවලට ඇබ්බැහි වී ඇති බවද වෛද්‍යවරිය පෙන්වා දෙනවා.

මීට අමතරව මෙම කාල සීමාව තුළ පෙරට වඩා මානසික ගැටලුවලට දරුවන් ලක්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවද දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කරයි. අන්තර්ජාලයට ඇබ්බැහි වීම මෙන්ම කායික හා මානසිකව හිංසනයට ලක්වීම මේ සඳහා හේතු වී ඇති බවයි ඇය පවසන්නේ. බොහෝවිට දරුවන් හිංසනයට ලක්වන්නේ සමීපතම ඥාතීන් අතින් බව පෙන්වා දෙන වෛද්‍යවරිය පවසන්නේ මෙය ඉතාම බරපතල තත්ත්වයක් බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා