නවතම පුවත්

ඔමික්‍රෝන් හිතුවට වඩා දරුණු විය හැකියි

Roshan

Roshan

* පළමු මරණය බ්‍රිතාන්‍යයෙන්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලොව රටවල් 60කට වැඩි සංඛ්‍යාවක දැනට වාර්තා වී ඇති ඔමික්‍රෝන් කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් මියගිය පළමු මරණය බ්‍රිතාන්‍යය ඊයේ (13) වාර්තා කළේය. මෙම ප්‍රභේදය ඩෙල්ටාවලට වඩා තරමක් අඩුවෙන් භයානක බව කලින් ප්‍රකාශ වුවද ඊයේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ඔමික්‍රෝන්  ‘දරුණු ප්‍රතිවිපාක’ ඇති කළ හැකි බවටත් මුල් ලකුණු පහළ වී ඇති බවයි.

ඔමික්‍රෝන් ‘ඉතා ඉහළ’ ගෝලීය අවදානමක් ඇති කරන අතර, එය එන්නත් ආරක්ෂාව මඟහරින බවට සමහර සාක්ෂි ඇතත් එහි බරපතලකම පිළිබඳ සායනික දත්ත සීමිත බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. Omicron වටා සැලකිය යුතු අවිනිශ්චිතතාවයන් බොහොමයක් පවතින බව එම සංවිධානය කියයි.

පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවේ සහ හොංකොං හි ප්‍රථම වරට එය අනාවරණය වූ අතර, ඒවායේ විකෘතින් ගණනාවක් පවතින අතර COVID-19 රෝගය පැතිරීමට ඉතාම වැඩිවීමට හේතු විය හැකි බව WHO ඊයේ නිකුත් කරන ලද තාක්ෂණික සාරාංශයකින් පැවසීය.

එන්නත් කරන ලද සහ කලින් ආසාදිත පුද්ගලයින් ඔමික්‍රොන් වෙතින් ආසාදනයක් වැලැක්වීමට ප්‍රමාණවත් ප්‍රතිදේහ නිපදවන්නේ නැති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ සම්ප්‍රේෂණ අනුපාතයක් සහ ‘දරුණු ප්‍රතිවිපාක’ ඇති වන බවටත් මුල් ලකුණු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

නව ප්‍රභේදය ද ප්‍රමුඛ ඩෙල්ටා ප්‍රභේදයට වඩා නෛසර්ගිකව බෝවන ද යන්න දැනට අපැහැදිලි නමුත්, එය තවදුරටත් ව්‍යාප්ත වීමට හේතු වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.

ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයන් පැවසුවේ Omicron වඩාත් දරුණු රෝග ඇති කරන බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

ඩෙල්ටා ප්‍රභේදයට වඩා බරපතලකම අඩු විය හැකි වුවද, සම්ප්‍රේෂණය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස රෝහල්ගතවීම් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වැඩි රෝහල්ගතවීම් සෞඛ්‍ය පද්ධති මත බරක් පැටවිය හැකි අතර තවත් මරණවලට තුඩු දිය හැකිය. මෙම ප්‍රභේදය පිළිබඳ ඉදිරි සතිවලදී වැඩිදුර තොරතුරු අපේක්ෂා කරන බව  ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා