නත්තලට බීලා මැරෙන්න ඕනෙද ?  – අගරදගුරු

Picture of Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

නත්තලේදී මිනිසුන් බීමත්ව සිටිනවා දැකීමට  රජයට අවශ්‍ය දැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්  ප්‍රශ්න කර සිටි

සංචාරක අමාත්‍යාංශය විසින් ඇතැම් හෝටල් සහ ආපනශාලාවලට මත්පැන් අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවට පුවත්පත් වාර්තා කිහිපයක් උපුටා දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රශ්න කළහ

මෙහිදී උන්වහන්සේ මෙසේද පැවසීය

” නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න කියලා ඉල්ලලා. හොඳයි නේද?. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. නත්තලත් බාල්දු කරනවා. සංචාරක අමාත්‍යාංශය භාර ඇමතිතුමා මේ පළාතේ කෙනෙක් නේ. එයා ඒක වටහා ගන්න ඕනේ. වෙසක් උත්සවයට ඒක තහනම් නම් නත්තලටත් ඒක තහනම් විය යුතුයි. ආගම කියන්නේ පාටි දැමීම නෙමෙයි.”

කෙසේ වෙතත් නත්තල්  දිනයේදී සංචාරක අමාත්‍යංශයේ අනුමත හෝටල්වලට මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර ලබාදී ඇති බවට කොළඹ අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකළ මෙම  ප්‍රකාශය සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරඇත .