බෝම්බ ප්‍රහාරයෙන් පසුව විදේශිකයන් 600ක් ඉස්ලාම් පූජකවරුන් 200ක් පිටුවහල් කෙරේ

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සිදුකළ විශේෂ ආරක්ෂක මෙහෙයුම් අතරතුර ඉස්ලාමීය පූජකවරුන් 200ක් හා විදේශිකයන් 600ක් පිටුවහල් කිරීමට පියවර ගත් බව ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා උපුටා දක්වමින් ඒඑෆ්පී පුවත් සේවය සඳහන් කර තිබේ.

ඉස්ලාමීය පූජකවරුන් නීත්‍යනුකූලව මෙරටට පැමිණ තිබුණ ද ඔවුන් සිය වලංගු වීසා කාලය ඉක්මවා ගොස් මෙරට රුඳී සිටීමේ වරද හේතුවෙන් පිටුවහල් කිරීමට සිදුවූ බව අමාත්‍යවරයා පවසා ඇත.

බංග්ලාදේශය, පාකිස්ථානය, ඉන්දියාව හා මාලදිවයින ආදි රටවලින් පැමිණි විදේශිකයින් ද වලංගු වීසා කාලය ඉක්මවා තිබීම හේතුවෙන් මෙලෙස පිටුවහල් කළ බව හෙතෙම සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙරට ආගමන විගමනික නීතිරීති දැඩි කිරීමටත් ඒ පිළිබඳ විශේෂයෙන් සොයාබැලීමකටත් රජය පියවර ගෙන තිබුණි.

එම ප්‍රහාරයෙන් පසුව විදේ රටේ ආරක්ෂක තත්ත්වය වෙනුවෙන් අංශ ගණනාවක දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන තිබේ.