නවතම පුවත්

හෙට සිට මෙරට රුපවාහිනී විකාශයේ ඩිජිටල්කරණ පෙරළියක්

අසංක

අසංක

මෙරට රූපවාහිනී විකාශ කටයුතු හෙට (28) සිට ඩිජිටල්කරණ කෙරේ.

යල්පිනූ තාක්ෂණයක් මගින් දැනට මෙරට පවත්වාගෙන යන රූපවාහිනී විකාශන ක්‍රමවේදය වන Analog ක්‍රමයෙන් ‍ඉවත් වී දැනට ලොව ඇති සුපිරිතම තාක්ෂණය වන Digital ක්‍රමයට පරිවර්තනය කිරීම හෙට හෙට ප.ව. 7ට කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේදී ඇරැඹෙන්නේ ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රධානගේ ප්‍රධානත්වයෙනි.

මෙම තාක්ෂණික පරිවර්තනය සමඟ ‍මෙරට ජනතාවට තම රූපවාහිනී තිරයෙන් වඩා සුපැහැදිලි දසුන් නැරඹීමට හැකියාව පවතී.

ජපාන රජයෙන් ශ්‍රී ලංකාවට දෙන සුවිශේෂ මූල්‍ය පහසුකමක් යටතේ ආරම්භ කෙරෙන මෙම නව ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි මහතා ද සහභාගී වීමට නියමිතය.

දැනට මෙරට ක්‍රියාත්මක විකාශන ක්‍රමවේදය යටතේ එක් එක් නාලිකාවකට තනි තනි සංඛ්‍යාත පරාස භාවිතා කිරීමට සිදුවෙයි.

එනමුත් නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ඔස්සේ මෙරට සංඛ්‍යාත පරාසය (Frequncy Spectrum) සුවිසල් ධාරිතා වර්ධනයක් සිදුවීමත් සමඟ තනි සංඛ්‍යාතයකට ධාරිතාව අට ගුණයකින් නොඑසේ නම් සියයට 800කින් ඉහළ යාමක් සිදුවේ.

මේ නිසාම දැනට මෙරට ක්‍රියාත්මක රූපවාහිනී නාලිකාවලට අමතරව තවත් රූපවාහිනී නාලිකා 200ක්, වැඩසටහන් රාශියක් අලුතින් විකාශය කිරීමට ඉඩ ලැබේ.

සඛ්‍යාත පරාසය භාවිතා කිරීමේදී රූපවාහිනී නාලිකාවලට ලබා දෙන ප්‍රමාණය ඵලදායි හා කාර්යක්ෂමව භාවිතයට ගැනීමට ඉඩ සැලසෙන අතර, අතිරේක සංඛ්‍යාත භාවිතයට ගනිමින් රැහැන් රහිත පුළුල් පරාස (Broadband) සහිත අන්තර්ජාල පහසුකම් ග්‍රාමීය ජනතාවට ලබා දීමට හැකියාව ලැබේ.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් ඉතා සරල කොන්දේසි යටතේ වසර දහයක සහන කාලයක් සහිතව වසර හතළිහකින් ගෙවා නිම කළ යුතු මූල්‍ය පහසුකමක් මෙරටට දෙමින් මෙම ව්‍යාපෘතිය බලගැන්වීමට කටයුතු කෙරේ.

ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සඳහා හුරුවීමට අවශ්‍ය විකේතන උපකරණ (STBs) පහසු මිලකට ජනතාවට ලබාදීමට ද ඒවා තරගකාරී වෙළෙඳපොළ තුළ අවශ්‍ය ප්‍රමාණයට සැපයීමක් ලෙස ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමට ද හැකි පහසුකම් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා රජයත් ජපානයත් එකඟතාවකට පැමිණ ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි