ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම් පැහැරහැරි අය ගැන වාර්තාව ලබන සතියේදී ජනපතිට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ඉඩ සැලසුණු තත්ත්වයන් හා වගකීම් පැහැර හැරිම පිළිබඳ සොයාබැලීමට පත් කළ විශේෂ පරික්ෂණ කමිටුවේ අවසන් වාර්තාව එළඹෙන සතියේ ජනපතිවරයා වෙත ලබාදීමට එම කමිටුව සැලසුම් කර ඇත.

කමිටුව දැනටමත් අතුරු වාර්තා දෙකක් ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලබා දී ඇති අතර එම අතුරු වාර්තා නීතිපතිවරයාටද ලබාදීමට කටයුතු යොදා අවසන්ය .

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණි.