බෝම්බකරුවන් එක්ක රහස් හුවමාරු වූ ලැප්ටොප් එකේ තොරතුරු සොයාගන්න චීන සහය

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

තව්හිද් ජමාත් බෝම්බකරුන් සමග රහස්‌ පණිවුඩ හුවමාරු කරගත් මෙරට මෘදුකාංග ඉංජිනේරුවරයාගේ පරිගණකයේ ඇති තොරතුරු සොයා ගැනීම සඳහා චීනය සහය ලබාදීමට ඉදිරිපත්වී ඇත.

රහස්‌ පොලිසියේ විමර්ශකයන් විසින් ඇඩ්හිල් අමීෂ් නමැති මෙම ඉන්ජිනේරුවගේ පරිගණකය සොයා ගන්නා විට එහි සියලු රහස්‌ පණිවුඩ මකා දමා තිබූ බව හෙළිවිය.

නමුත් මෙලෙස මකා දැමූ දත්ත සොයා දීමට චීන රජය මෙලෙස සහය පළකර ඇත.

චීනයේ හුවෙයි අධිතාක්‌ෂණික ජංගම දුරකථන සාදන සමාගම සතුව ඇති උපාංගවලින් මකා දැමූ තොරතුරු සොයා ගත හැකි බව වාර්තාවේ.