නවතම පුවත්

මෙරට ක්ෂය රෝගීන්ගේ අසාමාන්‍ය ඉහළයාමක්

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

ශ්‍රී ලංකාව තුළ මේ වන විට හදුනාගෙන ඇති ක්ෂය රෝගීන්ගෙන් දෙදෙනෙක් දිනකට මිය යන බව ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය විසින් කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.

ඩෙංගු රෝගයෙන් පසු මෙරට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ක්ෂය රෝගය සම්බන්ධයෙනි. ලෝක ක්ෂය රෝගී දිනය යෙදී ඇත්තේද ලබන 24 වෙනිදාට ය.

එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්ති ලතා මහත්මිය පවසන්නේ 2023 වසර තුළ පමණක් මෙරටින් ක්ෂය රෝගීන් 9358 දෙනෙක් වාර්තා වී ඇති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවට අනුව හදුනානොගත් ක්ෂය රෝගීන් 4000ක් 5000ක් අතර ප්‍රමාණයක් සමාජය තුළ නිදැල්ලේ සිටිති.

2005 සිට 2021 දක්වා මෙරට තුළ ක්ෂය රෝගීන්ගේ අනුපාතය පහතින් දැක්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට ලක්ෂයකට ක්ෂය රෝගීන් 60 දෙනෙක් සිටින බවය. මේ ගණන තිබිය යුතු වන්නේ ලක්ෂයකට 10ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

වෛද්‍ය ප්‍රමිතා ශාන්ති ලතා මහත්මිය පවසන්නේ මෑත කාලයේදී මෙරටින් හමුවී ඇති වැඩිම ක්ෂය රෝගීන් ප්‍රමාණය 2023 වසරේ හමුවී ඇති බවය.

2005 වසරේදී ක්ෂය රෝගීන් 8983 දෙනෙක් මෙරටින් හමුවන අතර 2010 වසරේදී එම ගණන ඉහළ ගොස් ඇත්තේ 9328ක් ලෙසිනි.

2015 වසරේදී එම ගණන තරමක් පහළ යමින් 8990 දෙනෙක් ක්ෂය රෝගීන් මෙරටින් හමුවී ඇත.

2020 වසරේදී එම ගණන වාර්තා වන්නේ 6686ක් වශයෙනි. 2021 වසරේදී 6249 ක් ලෙස තවත් අඩුවී ඇතත් 2023 වසරේදී අසාමන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව පෙනී යයි.

2021 දී ලියාපදිංචි දිස්ත්‍රික්කය අනුව ක්ෂය රෝගීන්ගේ හඳුනා ගැනීම පහතින් දැක්වේ.

ඇය පවසන ආකාරයට අනුව මේ අතරින් වැඩිම ක්ෂය රෝගීන් පිරිසක් හදුනාගෙන ඇත්තේ බස්නාහිර පළාත තුළිනි. ඒ අතරින්ද ක්ෂය රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළිනි.

ඒ අතරින්ද වැඩිම ක්ෂය රෝගීන් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ මහා නගර සභා සීමාව තුළිනි. ඒ අතරින්ද වැඩිම ක්ෂය රොගීන් පිරිසක් හමුවී ඇත්තේ වතු ආශ්‍රීත ප්‍රදේශවලින්ය.

ජාතික ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කරනු ලබන්නේ දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල ළය සායන හා රජයේ රෝහල්වල ඇති සායනවලින් ක්ෂය රෝග පරීක්ෂණ නොමිලයේ සිදුකර ගැනීමට හැකියාව ඇති බවය.

සති දෙකකට වඩා පවතින කැස්ස, සවසට මඳ උණ පැවතීම, බර අඩුවීම, කෑම අරුචිය, රාත්‍රීයට අධික ලෙස දහඩිය දැමීම, අධික තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුව, සෙම සමඟ රුධිරය පිටවීම යනාදිය පෙනහළුගත ක්ෂය රෝග ලක්ෂණ බව වෛද්‍ය ප්‍රමිතා ශාන්ති ලතා මහත්මිය සඳහන් කරයි.

2005 – 2021 අතර කාලය තුළදී වර්ගය අනුව ක්ෂය රෝගීන් හඳුනා ගැනුණු ආකාරය පහතින් දැක්වේ.

2021 දී වර්ගය අනුව ක්ෂය රෝගීන් හඳුනා ගත් ආකාරය පහතින්.

PTB – පෙනහළු ක්ෂය රෝගය
TB – ක්ෂය රෝගය
EPTB – අමතර පෙනහළු ක්ෂය රෝගය

2021 වසරේදී දිස්ත්‍රික් අනුව ක්ෂය රෝගීන් හඳුනාගැනීම් සහිත ශ්‍රී ලංකා සිතියම පහතින්.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!