උද්ධමනය ඉහළ නගී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 4. 7 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මාර්තු මාසයේ එය වාර්තා වී ඇත්තේ, සියයට 2. 4 ක් ලෙසයි.

එසේම, මාර්තු මාසයේ දී සියයට 0. 7 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී සියයට 1. 1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම, මාර්තු මාසයේ දී සියයට 3. 8 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී සියයට 7. 8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේ.