නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි

අසංක

අසංක

2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු (PIT) ව්‍යුහය සඳහා සංශෝධන සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව, පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා යෝජිත සංශෝධන, අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් ඉදිරිපත් කර තිබේ.

බදු මට්ටම රුපියල් 500,000 සිට රුපියල් 720,000 දක්වා ඉහළ නංවන අතර, බදු රහිත සීමාව රුපියල් මිලියන 1.2 ක් ලෙස තබා ගැනීම සහ ඉහළම බදු අනුපාතය වන 36% ඇතුළුව සෑම මට්ටමකම ආන්තික බදු අනුපාත පවත්වා ගැනීමට රජය යෝජනා කර තිබේ.

මෙම ගැලපීම 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

බදු බර වැඩි වශයෙන් ප්‍රකාශිත බදු තීරුවල මධ්‍යයේ සිටින පිරිසට සහන සැලසීම මෙම බදු ගැලපීම මගින් අවධානය යොමු කර තිබේ.

නිදසුනක් වශයෙන්, මසකට රුපියල් 150,000 ක ආදායමක් ලබන පුද්ගලයෙකුගෙන් අය කළ බදු මුදල 14% කින් අඩුවේ.

ඉහළ ආදායම් ලබන්නන්ට වඩාත් සීමිත සහනයක් හිමිවේ.

මෙම ගැලපුම මගින් මෙරට සමස්ත ආදායමට ඇතිවන බලපෑම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.07%ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

2025 දී වාහන ආනයනය සීමා ලිහිල් කිරීමෙන් ලැබෙන ආදායම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම සහනය සැලසීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගෙන ඇති විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ, 2025 වසර අවසන් වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටියි.

මෙම ඉලක්කයට ළඟාවීම සඳහා 2025 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14%ක් දක්වා ඉහළ නංවා ගැනීමට සැලකිය යුතු බදු ආදායමක් අවශ්‍ය වේ.

මූලික ප්‍රතිසංස්කරණ සඳහා වසරකට රුපියල් මිලියන 1.2 බැගින් වූ බදු රහිත සීමාවක්, රුපියල් 500,000 බැගින් වූ බදු පරාසයන් සහ බදු අනුපාතය 6% ක අවමයක් සහ 36%ක උපරිමයක් ඇතුළත් විය.

කෙසේ වෙතත්, විශේෂයෙන් මධ්‍යම ආදායම් ලබන්නන් සඳහා සහන ලබාදෙන ලෙස ඉදිරිපත් කල ඉල්ලීම් අනුව, ශ්‍රී ලංකාව සිය මූල්‍ය ඉලක්ක සපුරාලීමට පටන් ගත් 2024 මැද භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ පිළිබඳ නැවත සාකච්ඡා වල නිරත වීමට රජය කටයුතු කළේය.

ඒ අනුව යෝජිත සංශෝධන මගින් රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගැනීමේ අවශ්‍යතාවය මෙන්ම විශේෂයෙන්ම මධ්‍ය ආදායම් ලබන්නන් සඳහා සහන සලසන ලෙස ජනතාව සිදු කළ ඉල්ලීම ඉටුවන බව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පුද්ගල බදු ආදායම් පහත දමා ඇත්තේ පහත පරිදි ය.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)