ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව එක්දින තරග 5 කට සහභාගිවීම සඳහා පාකිස්තාන වයස 19 න් පහළ කණ්ඩායම මේ මස 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙයි.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය මේ මස 26 වැනිදා, දෙවැන්න 28 වැනිදාද, තෙවැන්න 31 වැනිදාද පැවැත්වෙන අතර සිවුවැනි සහ පස්වැනි තරග පැවැත්වෙන්නේ ජූනි මස 2 වැනිදා සහ 5 වැනිදා යන දිනවලදීය.
තරගාවලියේ සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ජූනි මස 6 වැනිදා පාකිස්තාන යොවුන් කණ්ඩායම ආපසු සිය රට බලා පිටත්ව යෑමට නියමිතය.
තරග කාල සටහන
මැයි 26 වැනිදා – පළමු යොවුන් එක්දින තරගය
මැයි 28 වැනිදා – දෙවැනි යොවුන් එක්දින තරගය
මැයි 31 වැනිදා – තෙවැනි යොවුන් එක්දින තරගය
ජූනි 2 වැනිදා – සිවුවැනි යොවුන් එක්දින තරගය
ජූනි 5 වැනිදා – පස්වැනි යොවුන් එක්දින තරගය
Pakistan Under 19 team arrived in #SriLanka this evening to take part in five 50 over matches. They were given a warm welcome by SLC at the BIA airport. The first game of the tour will be played on the 26th May at MRICS, Hambantota. #SLvPAK #PAKU19s #SLU19s #SLC #lka pic.twitter.com/x5PjS5l0Kj
— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) May 23, 2019