වහාම මුස්ලිම් පල්ලි වල කරන සෝදිසි මෙහෙයුම් නතර කරන්න – අසාද් සාලි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට ආරක්ෂක අංශ මුස්ලිම් පල්ලි තුල සිදුකරන සෝදිසි මෙහෙයුම් වහාම නතර කරන ලෙස තමන් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසනවා. මේ වන විට මුස්ලිම් ජනතාව කල කිරිලා ඉන්නේ ඒක ලොකු පීඩනයක්.

වැඩිදුරටත් අදහස් දැක්වූ අසාද් සාලි මේ යන විදියට මුස්ලිම් පල්ලි සෝදිසි කරන්න ගියොත් නැවත වරක් රටතුල මහ විනාශයක් වන බවද අසාද් සාලි මහතා පවසනවා.

එකම පල්ලි ආරක්ෂක අංශ හත්පාරක් සෝදිසි කරනවා අන්තිමේදී පල්ලියේ ගන්න දෙයක් නැති බවත් ආණ්ඩුකාරවරයා සදහන් කලේය.

ඔහු මේ අදහස් ප්‍රකාශ කලේ අද (24) ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මේ හේතුවෙන් තමා ආරක්ෂක මණ්ඩලයේදී කථා කරන බවත් මෙවැනි තත්ත්වයක් ඇතිවිය නොහැකි බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා වැඩිදුරටත් පැවසීය.