ට්‍රම්ප්ගේ දෝස්මුරයෙන් පසුව ඉරාන ඊශ්‍රායල සටන් මදකට සමනයවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි සටහනක් තබා තිබෙනවා.

“ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකටම යුද්ධය නැවැත්වීමට එක හා සමානව අවශ්‍යතාවක් තිබිය යුතුයි” ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා.

“සියලු න්‍යෂ්ටික පහසුකම් සහ හැකියාවන් විනාශ කිරීමට ලැබීම සහ පසුව යුද්ධය නැවැත්වීමට ලැබීම මට ලැබුණු මහත් ගෞරවයක්” යැයි ඔහු සඳහන් කළා.

ජනාධිපතිවරයා මීට පෙර රටවල් දෙකටම බැණ වැදුණේ ඔවුන් තමන් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයක් උල්ලංඝණය කර ඇති බව පවසමිනි.

ජනපති ට්‍රම්ප් දෙපාර්ශ්වයටම චෝදනා එල්ල කිරීමෙන් පසුව ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් මදකට පහව ගොස් ඇති බවක් වාර්තාවෙනවා . එසේම දෙපාර්ශවය අතර සටන් විරාමයක් පවතින බවද මේවන විට පෙනී යනවා.

ඊශ්‍රායල හමුදාව ඉරානය සමඟ සටන් විරාමයක් පිළිගනිමින් නිවේදනයක් නිකුත් කර ඇති අතර “දැන් අවධානය ගාසා තීරයට නැවත යොමු වී ඇත” යනුවෙන් පවසා තිබෙනවා.