19 න් පහල රග්බි තරග 31 සිට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරග මේ මස 31 වැනිදා සිට පැවැත්වීමට අධ්‍යාපනය අමාත්‍යංශයේදී අද (24) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානයත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම තරගාවලිය මීට පෙර පැවැති පරිදි පැවැත්වීමට තරගාවලියට සහභාගි වන පාසල්වල විදුහල්පතිවරු ඇතුළු සියලුම දෙනා එකඟතාව කළ කරතිබේ. ඒ අනුව සෑම පාසලක්ම දෙවැනි වටයේදී තරග හතරකට සහභාගි වන අතර එම තරග යොදාගත් පරිදි අදාල සත්කාරක පාසල ලබාදෙන ක්‍රීඩාංගණයේ පැවැත්වේ.