ජනපති නියෝගයට එරෙහිව පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට

Picture of අසංක

අසංක

ජනාධිපතිවරයා ලබාදුන් නියෝගයට අනුව තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් තමන් ඉකුත්දා අනිවාර්ය නිවාඩු යවමින් කළ නියෝගය අත්හිටුවන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වනතුරු තමා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක කරූ ජයසූරිය, එම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වන අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, බිමල් රත්නායක, ආර්. සම්බන්ධන්, ජාවේස් සෙල්වකුමාර් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.