ජාත්‍යන්තර Trip Expert වෙතින් කැපීපෙනෙන හෝටල් අතරට ලංකාවේ හෝටලයක්

Picture of අසංක

අසංක

ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංචාරක වෙබ් අඩවියක් වන “ට්‍රිප් එක්ස්පර්ට්” විසින් මෙවර ශ්‍රී ලකාවේ කැපී පෙනෙනම සංචාරක හෝටලය ලෙස ගාල්ලේ , පිහිටි “ආදිත්‍ය” සංචාරක හෝටලය නම් කර ඇත.

ට්‍රිප් එක්ස්පර්ට් වෙබ් අඩවිය , ලොව පුරා සංචාරක ප්‍රකාශන හා සඟරා 80 කටත් වැඩි ප්‍රමාණයක් අධ්‍යයනය කර සකස් කරනු ලබන විශේෂ දර්ශකයක් හරහා මෙම නම් කිරීම් සිදුකරනු ලබයි .

ඒ අනුව ආදිත්‍ය හෝටලය මෙවර ලකුණු 90 ක් ලබාගනිමින් ලෝකයෙද වඩාත් කැපී පෙනෙන හෝටල අතරට එක්ව ඇත.

මීට අමතරව ආදිත්‍ය හෝටලය , ජාත්‍යන්තර ට්‍රිප් අඩ්වයිසර් වෙබ් අඩවියෙන්ද විශිෂ්ඨතා සම්මානයක් ලබාගෙන ඇත.