අයිතිය නැතත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදම රජයෙන්

Picture of අසංක

අසංක

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල , පෞද්ගලික රෝහලක් වුව ද එහි සියලු වියදම් රජය දරන බව , රජයේ ආයතනවල වංචා දූෂණ සොයා බැලීමට පත්කල ජනාධිපති කොමිසමේදී අනාවරණය විය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය රජයේ ආයතනවල වංචා දූෂණ සොයා බැලීමට පත්කල ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (30) සාක්ෂිදුන් අවස්ථාවේදී මෙසේ කරුණු අනාවරණය විය .

කොමිසම හමුවේ සාක්ෂි දුන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය කියා සිටියේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වසර 10 ක් යනතුරු සයිටම් ආයතනයටම අයිති බව කැබිනට් පත්‍රිකාවක් මගින්ම තීරණය කර ඇති බවයි.

ඒ අනුව රෝහල රජයට ගන්නේ නම් එම කාල සීමාව පසුවීමෙන් පසුව කටයුතු කළ යුතු බව ලේකම්වරිය සඳහන් කර තිබේ.