පොලිස් ලොක්කයි බුද්ධි ලොක්කයි කරපු හොර වැඩේ වලානෙන් වටලයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පොලීයේ ඉහළ නිළධාරියකු හා බුද්ධි අංශ ප්‍රධානියකු එක්ව දෙහිවල ගල්කිස්ස වෙරළ තීරයේ, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයත් ඉඩමක නීති විරෝධීව පවත්වාගෙන යන හෝටලය පිලිබඳව කලම්බෝ එක්ස්ප්‍රස් අප විසින් පසුගියදා හෙළිදරව් කරා එම හෝටලය ඊයේ (01) රාත්‍රියේ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකක විසින් වටලා තිබෙනවා.

අප හෙළිදරව් කල අකාරයට මෙම ඉඩම අයත් වන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වේ. පොලිසියේ ඉහළම නිළයක් දරන නිළධාරියා තම බලය පාවිච්චි කර මෙම ඉඩම අත්පත් කරගෙන බුද්ධි ප්‍රධානියකු හා එක්ව සම්පුර්ණයෙන්ම නිතී විරෝධීව වෙනත් අයකුගේ නමට මෙම හෝටලය පවත්වාගෙන ගොස් ඇත.  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙය ඉවත් කිරිමට පැමිණියද නිළධාරියා තම බලය පාවිච්චි කර එය වලක්වාගෙන ඇත.

මේසම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ලැබණු පැමිණලි මත ඊයේ රාත්‍රියේ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් හෝටලය වටලා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරිම සද පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තාවේ. අදාල ඉහළ පොලිස් නිළධාරියා සිදුකල නීති විරෝධී කටයුතු රැසක් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට පොලිස් මූලස්ථානය වෙත ලැබි ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.
 https://thecolomboexpress.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%ba%e0%b7%92-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92-%e0%b6%bd%e0%b7%9c/?preview_id=7745&preview_nonce=266e60d874&preview=true&_thumbnail_id=7746