ඕස්ට්‍රේලියානු ස්වදේශ ඇමති එයි – කටුවාපිටිය බලන්නත් යයි

Picture of අසංක

අසංක

දෙදින නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද (03) මෙරටට පැමිණීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු ස්වදේශ අමාත්‍යවරයා සිය සංචාරය තුළදී මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙකුද හමුවී සාකච්ඡා පැවැත්වීමටද බලාපොරොත්තුවේ.

පීටර් ඩට්න් මහතා අද අප්‍රේල් 21 ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමට නියමිත බව මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.