ත්‍රෛයිනිකායික මහා නාහිමිරුන් විශේෂ කරුණු 15ක් සාකච්ඡා කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

චෝදනා එල්ල වී නොමැති මුස්ලිම් මැති ඇමතිවරුන් පවා සිය ධූරවලින් ඉල්ලා අස්වීමෙන් ඔවුන් ද චෝදනාවට ලක්වන්නන්ගේ පිරිසට වැටෙන බව අස්ගිරි පාර්ශ්වය පවසනවා.

අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් නෙත් නිවුස් වෙත මෙම අදහස් පළ කළේ ඊයේ (05) පස්වරුවේ පැවැති ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ විශේෂ සාකච්ඡාවකින් පසුවයි. 

මේ අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් සඳහන් කළේ චෝදනාවට ලක්වු පිරිස හැර සෙසු මුස්ලිම් මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීම සිදු නොවිය යුත්තක් බවයි. යළි වගකීම් භාරගෙන පාලන තන්ත‍්‍රයට එක්වන ලෙස ද මෙහිදී ඔවුන්ගෙන් ඉල්ලීමක් ද කෙරුණා.  ඊයේ පැවැති මෙම සාකච්ඡාවේදී කරුණු 15ක් පිළිබඳ එකගතාවකට පැමිණි බවද මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.