කාන්තා පොලිස් කොස්තාපල්වරිය මෙහෙයවන බ්‍රවුනි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව කොළඹ නගරයේ බොහෝ ස්ථාන පොලිසිය විසින් දැඩි සෝදිසියකට ලක්කරන ලදී. එහිදී කාන්තා පොලිස් කොස්තාපල්වරියක විසින් මෙහෙයවන පොලිස් නිල සුනඛයෙක් පුපුරණ ද්‍රව්‍ය සොයමින් බොහෝ ස්ථාන මෙන්ම බස්රථ ආදියද පරීක්ෂා   කිරීම සිදුකරන ලදී.

මෙම නිල සුනඛයා විශේෂයෙන්ම පුපුරණ ද්‍රව්‍ය සෙවිම සඳහාම පුහුණුව ලත් නිල සුනඛ අංක 1292 දරණ කොකර් ස්පැනියල් වර්ගයට අයත් බ්‍රවුනි නැමති නිල සුනඛයාය. එමෙන්ම අවුරුදු  02ක් වයසැති ගැහැණු සතෙකු වේ. එම නිල සුනඛයා භාරව කටයුතු කරණු ලබන්නේ කාන්තා පොලිස් කොස්තාපල් 7266 ලංකා වික්‍රමගේ නිලධාරිනියයි. එම නිලධාරිනිය කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ නිල සුනඛ ඒකකයට අනුයුක්තව රාජකාරි කරනු ලබයි.