එංගලන්තයත් මෙරට සංචාරක අනතුරු ඇඟවීම් ලිහිල් කරයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරකයන්ට දැනුම් දී තිබූ අවවාදාත්මක නිවේදනය එක්සත් රාජධානිය විසින් ලිහිල් කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් මෙරට ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මෙරටට සංචාරකයන් පැමිණෙන සියලුම රටවල් අවවාදාත්මක, අවදානම් නිවේදන නිකුත් කර තිබුණි.

මෙරට ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි ප්‍රථමයෙන්ම එම සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ චීනයයි.

ඉන්පසුව රටවල් ගණනාවක් සිය සංචාරක අනතුරු ඇඟවීම් ඉවත් කර තිබුණි.

බෝම්බ ප්‍රහාර හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බෙහෙවින් බලපෑම් එල්ල කළේය.