මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පිළිබඳව චෝදනා කරමින් පාප් වහන්සේට තමා යවනු ලැබුවේ යැයි කියන සමාජ ජාල වල හුවමාරු වන ලිපිය ව්‍යාජ එකක් බව අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටි.
මේ සදහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අදාල ට්විටර් සටහනේ වැඩිදුරටත් දන්වා සිටි.
පාස්කු දා ප්‍රහාරයන් පසුව ඇතිවූ විවිධ සිදුවීම් වලදී මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ක්‍රියාකල ආකාරය නිසා ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාවට බාධාවක් වූ බව මෙම ලිපියේ සඳහන් විය.
FAKE !!! pic.twitter.com/XMRoXnKbFA
— Mangala Samaraweera (@MangalaLK) June 7, 2019
