ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් 8ක් ලිපිය යවයි – කබීර් තවම නෑ

Picture of අසංක

අසංක

ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරුන් 09 දෙනාගෙන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීම් ලිපි ඊයේ (06 ) දින වනවිට ජනාධිපතිවරයා වෙත බාර දී ඇත.

මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පමණක් මෙතෙක් භාර දී නොමැති බවද ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටී.

කබීර්ඒ හෂීම් මහතා මේ දිනවල විදේශ සංචාර සඳහා මේ රටින් බැහැරව සිටි.