මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම මහින්ද හමුවෙයි

Picture of අසංක

අසංක

අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් 9 දෙනා අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

තමන් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට බලපෑ කරුණු මෙන්ම මුස්ලිම ජනතාව හමුවේ එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදී මුස්ලිම් මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයා දැනුවත් කර ඇත.