පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළව පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගියදා කරන ලද විවේචනාත්මක කරුණු දැක්වීම සම්බන්ධයෙන් කථානායකවරයා කරුණු පැහැදිලි කර තිබේ.
කථානායක කරු ජයසුරිය මහතා පෙන්වාදෙන්නේ “වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටී. එය කඩකිරීමේ ප්රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිළි අවබෝධයක් ඇති බව ද නිසැකය.” යනුවෙනි.
දීර්ඝ විස්තරයක් සහිත කථානායකවරයා නිකුත් කළ ලිපිය පහත දැක්වේ.

