“ආගමික අන්තවාදය මඬින්න නව නීති ඕනෑ” – මහාචාර්ය රොහාන් ගුණරත්න

Picture of අසංක

අසංක

ආගමික අන්තවාදය මර්දන කිරීම සඳහා නව නීති රෙගුලාසි සකස් කළ යුතුව ඇති බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකමුතුව කටයුතු කළ යුතු ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ, දේශපාලන විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා අවධාරණය කරයි.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ අද පස්වරුවේ පැවැති විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවැසීය.

අන්තවාදී වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍යවල හරහා ප්‍රචාරය වීම පාලනය වීම සඳහා ද නව නීති හා වැඩපිළිවෙළක් අවශ්‍යව ඇති බව ද ඒ මහතා කියාසිටියේය.

ආගම්වලට මුවා වී අන්තවාදය පතුරුවන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා නව නීති අවශ්‍යව ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දෙයි.

නැවතත් මෙරට තුළ පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර ඇතිවීම සඳහා මෙම ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම අත්‍යාවශ්‍ය බව ද රොහාන් ගුණරත්න මහතා සඳහන් කළේය.

මෙම සම්මන්ත්‍රණය ISIS ගෝලීය ව්‍යාප්තිය හා ඉන් ලංකාවට ඇති බලපෑම යන මැයෙන් පැවැති අතර එය සංවිධාන කර තිබුණේ මහින්ද රාජපක්ෂ කේන්ද්‍රය විසිනි.