රුවන් විජයවර්ධනට මුජිබර්ගෙන් බලපෑම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නීතිය හා සාමය ඇමැතිධුරයෙන් වහාම ඉල්ලා අස්වැන්නැයි රුවන් විජයවර්ධන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විවාදයට එක්වෙමින් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය.

ඔක්තෝම්බර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතිය හා සාමය ඇමැතිධූරය තබාගෙන කටයුතු කළා. පාස්කු ප්‍රහාරයවනතුරුත් ඒක තියාගෙන හිටියෙ ජනාධිපතිවරයායි. නීතිය පොලිසිය තියාගෙන හිටියෙ ජනාධිපතිවරයා නිසයි අපටත් අද මේ මඩ නාන්න වෙලා තියෙන්නෙ. ඒ නිසා ජනාධිපතිවරණයට තවත් මාස තුනක් නම් තියෙන්නෙ ඒ තුනත් ජනාධිපතිතුමාටම නීතියයි පොලිසියයි තියාගන්න කියලා මේ ඇමැතිකමෙන් ඉල්ලා අස්වැන්නැයි ඉල්ලා සිටිනවා.