වද සැත්කම් සිදුකල බවට චෛා්දනා ලැබූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන් අද කුරුණෑගල අධිකරණයට රහස් පොලිසිය විසින් ඉදිරිපත් කර අතර මෙහිදි විනිසුරුවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට දැඩි ලෙස දොස් පවරනු ලැබූවා එයට හේතුව වන්නේ වෛද්‍ය ෂාෆී සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ වල කිසිදු ප්‍රගතියක් සිදුනොවී තිබිමයි. පසුගිය නඩු වාරයේදී ඉදිරිපත් කල කරුණුම පමණක් අධිකරණයට ඉදිරිපත් කර තිබිමත් කුරුණෑගල ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළුව තවත් මව්වරුන්ගෙන් ලබාගත් කටඋත්තර පවා පරික්ෂණයකට ලක් කර නොතිබීමයි.