හිරුණිකා මෛත්‍රි මැන්ඩෙලාට අන්දයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එකසත් ජාතික පක්ෂයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නම වෙනුවට වෙන්ඩ මැන්ඩෙලා නමින් හදුන්වමින් කතා කරන බව පවසමින් අද (11) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වුවාය.

මෙම කතාව කෙටි වේලාවක් යද්දි වෙන්ඩ වචනය හැලී මැන්ඩෙලා ජනාධිපතිතුමා යනුවෙන්ද ප්‍රකාශයට පත්වන ආකාරය දක්නට ලැබිණි.
මෙම වෙන්ඩ මැන්ඩෙලාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ දෝෂාභියෝගයක් ගෙන ආවේ නම් මෙයට වඩා අත්සන් ලබා දීමට හැකියාව තිබු බව සදහන් කළ හිරුණිකා ප්‍රේමචන්ද මහත්මිය ඊට සහයෝගය දෙන අය පෙන්වන්නැයි කියමින් ඒ වනවිට පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටි මැති ඇමැතිවරුන්ට අත ඔසවන්නැයි විදානය කළාය.

ඒ අවසරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු එජාප මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක්ම අත එසවුහ. යහපාලනය බලයට ගෙන ඒමට හැකිවීමෙන් යම් තාක් දුරකට හෝ නීතියේ ආධිපත්‍ය ගොඩනැගීමට හැකිවීම සතුටට කරුණක් බව ප්‍රකාශ කළ මන්ත්‍රිවරිය වසර හතරකට ආපස්සට යාමට හැකිනම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා කරමින් ඔහුට සහයෝගය ලබාදීම පිළිබදව කණගාටුවට පත්වන බව පැවසුවාය.
මැන්ඩෙලා දැන් නිවෙන පත්තුවෙන බල්බ් එකක් යැයි කී හිරුණිකා කොයි වෙලේ හෝ ෆියුස් ඒකම යන නිසා මැන්ඩෙලාට සහය දෙන අය ඒ ගැන අවධානයෙන් පසුවන්නැයි කීවාය. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වෙන්ඩ මැන්ඩෙලා නම් පොහොට්ටුවටත් අඹ සරණයැයි ඇය පැවසුවාය.