අමෙරිකා-ලංකා ගිවිසුම් ගැන ඉන්දියාව සෙවිල්ලෙන්

Picture of අසංක

අසංක


ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිතව ඇති සෝෆා ඇතුළු ගිවිසුම් සම්භන්ධව ඉන්දියාවේ දැඩි අවධානය යොමුව ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී .

විශේෂයෙන්ම මෙම ගිවිසුම් සම්භන්ධව ශ්‍රී ලංකා රජය ගනු ලබන පියවරයන් දෙස ඉන්දීය රජය විමසිල්ලෙන් බලා සිටින බව එරට මාධ්‍ය වාර්තාද අනාවරණය කර ඇත.

මෙම ගිවිසුම් හරහා පිහිටුවෙන ඇමෙරිකානු යුධ හමුදා කඳවුරු ඉන්දියාවටද ඍජු ලෙස බලපාන බැවින් මෙසේ ඉන්දීය රජය මෙම ගිවිසුම් පිලිබඳ අවධානය යොමු කර ඇති බවද ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් වාර්තා කර ඇත.

ස්වෛරීභාවය උල්ලංගැනය කරන කිසිදු ගිවිසුමකට තම රට අත්සන් නොකරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පසුගිය බදාදා ප්‍රකාශ කළේය.