විදේශ සුරක්ෂා නිවාසවල 800ක් දිවයිනට

Picture of අසංක

අසංක

විදේශ රටවල තානාපති කාර්යාල කම්කරු අංශ යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල රැදී සිටි කාන්තාවන් 858 දෙනෙකු මේ වන විට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත යලි දිවයිනට ගෙන්වාගෙන ඇත.

ඉන් වැඩිම පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ කුවේට් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසයෙන් වන අතර එම ප්‍රමාණය 588කි. සිය ගැටළුවලට විසදුම් ලැබෙන තෙක් තවත් ශ්‍රමිකයින් 146 දෙනෙකු එහි රැදී සිටිති.

සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැදී සිටි ශ්‍රමිකයින් 18 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, මේ වන විට තවත් 33 දෙනෙකු එහි රැදී සිටිති. ජෙඩාහි තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ සිටි කාන්තාවන් 12ක් දිවයිනට පැමිණ ඇති අතර, මේ වන විට කිසිදු ශ්‍රමිකයෙකු එහි රැදී නොසිටී.

ඒ අනුව ලොව පුරා පිහිටි තානාපති කාර්යාල කම්කරු අංශ 12ක් යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල මේ වන විට රැදි සිටින ශ්‍රමිකයින් ප්‍රමාණය 263කි.