නවතම පුවත්

Meatless Monday වසරේ නිර්මාංශ (Vegan) කෑම වට්ටෝරුවේ ජයග්‍රාහකයා සොයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නිර්මාංශ සදුදා (Meatless Monday) ශ්‍රි ලංකා වැඩසටහන වසරේ නිර්මාංශ (Vegan)  කෑම වට්ටෝරුවේ ජයග්‍රාහකයා-2019 තේරීමේ තරගාවලියක් සංවිධානය කර තිබේ.

වාර්ෂිකව සංවිධානය වන මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රි ලංකාවේ නිර්මාංශ ආහාර ප්‍රචලිත කිරීම සහ ඊට නැඹුරුවක් ඇති කිරීම සිදුවේ.

Meatless Monday වැඩසටහන ලෝකයේ ඉතා ප්‍රචලිත ව්‍යාපෘතියකි. මෙම වැඩසටහන අන්තර් ජාතික මානුෂීය සංවිධානය (HSI) ඔස්සේ ක්‍රියාත්මකයි.

ශ්‍රි ලංකාවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වනුයේ SLYCAN Trustආයතනය හා එහි විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මියගේ උපදෙස් පරිදිය.

වසර පුරා ක්‍රියාත්මක නිර්මාංශ සදුදා (Meatless Monday)  ශ්‍රි ලංකා ව්‍යාපෘතියේ තවත්  එක් වැඩසටහනක් ලෙස වසරේ නිර්මාංශ (Vegan) කෑම වට්ටෝරුවේ ජයග්‍රාහකයා සොයා ත්‍යාග පිරිනැමීම සිදුවෙයි.

මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට ගල්කිස්ස මහ හෝටලයෙන් නිර්මාංශ බුෆේ ආහාරවේලක් සදහා ටිකට් පත් දෙක බැගින් හිමිවේ. තරගාවලියට ඉදිරිපත්වන සියලු දෙනා ලබන 26 වැනිදාට පෙර අදාල කෑම වට්ටෝරු යොමු කළ යුතු බවMeatless Monday ශ්‍රි ලංකා කණ්ඩායම පවසති.

Meatless Monday Sri Lanka නිකුත් කළ නිවේදනයට අනුව තරගාවලිය පිළිබද තොරතුරු මෙසේය.

උපදෙස් –

1.    ඔබගේ ප්‍රියතම නිර්මාංශ (Vegan) කෑම වට්ටෝරුව පහත කාණ්ඩ යටතේ අපවෙත එවන්න.

·       උදෑසන ආහාරය

·       දවල් ආහාරය

·       අතුරුපස

2.    එක් අයදුම්කරුවෙකුට ඉහත කාණ්ඩ 03 යටතේම කෑම වට්ටෝරු එවිය හැකිය. නමුත් ජයග්‍රහණය ලබා දෙන්නෙ එක් කාණ්ඩයක් යටතේ පමණි.

3.    සියලුම කෑම වට්ටෝරු පැහැදිලි ප්‍රමාණයන් හා  උපදෙස් සහිතව ඉංග්‍රිසි, සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් එවිය හැකි අතර ආහාරය පිසීමෙන් පසු දිස්වෙන ආකාරය සදහන් ඡායාරූපයක්ද ඒ සමග එවිය යුතුය.

·       කෑම වට්ටෝරුවේ නම

·       අවශ්‍යය අමුද්‍රව්‍ය

·       අමුද්‍රව්‍ය යොදන ප්‍රමාණයන්

·       පැහැදිලි උපදෙස්

·       අහාරය සැකසු පසු දිස්වෙන ඡායාරූපයක්

·       අයදුම්කරුගේ නම

4.    ඔබ විශේෂ අමුද්‍රව්‍ය යොදා ගන්නේ නම් කරුණාකර එම තොරතුරු අදාල වට්ටෝරුව සමග දක්වන්න. උදා ලබාගත් අන්තර්ජාල වෙළදසැල හෝ වෙළද සැලේ නම සමග ලින්කුවකින් පෙන්විය හැකිය.

5.    නිර්මාංශ කෑම වට්ටෝරු 2019 ජුලි 26 වැනිදාට පෙර අපගේ පහත ලිපිනයට ලැබෙන්න සලස්වන්න.[email protected]

6.    මෙසේ යොමුකරන සියලුම නිර්මාංශ කෑම වට්ටෝරු එකින් එක අධ්‍යයනය කරමින් ඒවා අපගේ Meatless Monday Sri Lanka මුහුණුපොත(Facebook) පිටුවට යොමු කරන අතර 2019 අගෝස්තු 12 දක්වා සිය මිතුරු මිතුරියන් මාර්ගයෙන් ඊට අදාල like, comments ලබා ගැනීමට ඔබට හැකියාව තිබේ.

7.     2019 අගෝස්තු 13 වැනිදා Meatless Monday Sri Lanka කණ්ඩායම එක් එක් කාණ්ඩයට අයත් ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ ඒ ඒ කෑම වට්ටෝරුවට Meatless Monday Sri Lanka Facebook පිටුවේ ලැබී තිබෙන likes සංඛ්‍යාව අනුවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්