නවතම පුවත්

රවී කතරගමදී මංගලගේ පලු අරී – මුදල් අමාත්‍යංශයට නිසි දැක්මක් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කතරගම සංචාරයක නිරතවූ අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යංශය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි විවේචනයකට ලක් කරා එහිදි ඔහු සදහන් කලේ මුදල් අමාත්‍යංශයේ ගැටළු නිසා තම අමාත්‍යංශය හා රටම අවුල් ජාලාවකට පත්ව ඇති බවයි එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක් මහතා.

අපි ස්ථාවර විදුලි ජනන සැලැස්මක් තුළින් වරින් වර සිදුවන විදුලි බිදවැටීම් යථා තත්ත්වයට පත් කරනවා නමුත් අපිට මුදල් අමාත්‍යාංශයෙන් ලබාදිය යුතු මුදල් අපට නිසි පරිදි ලබාදෙන්නේ නෑ ලබාදෙනවානම් මේ ගැටළු මේ ආකාරයෙන් ඇතිවන්නේ නැහැ ‘ අද මුදල් අමාත්‍යාංශය නිසි ඉදිරි දැක්මක් නැතිව වැඩ කරනවා මේකෙන් වෙන්නේ නිකරුණේ ආණ්ඩුවේ වියදම් වැඩිවන එක පමණයි වෙන්නේ .මේ ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපේ ගැටළුවලට මැදිහත් වෙන්න දෙන්න බැහැ යනුවෙන් අමාත්‍යවරයා දැඩි විචේනයක් එල්ල කලේය.

“කතරගම ප්‍රදේශයේ වරින්වර විදුලිය විසන්ධි වෙනවා කියලා චෝදනා තිබෙනවා. කතරගම පමණක් නොවෙයි රටේ නොයෙක් තැන්වල මේ තත්ත්වය මෙහෙම සිද්ධ වෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි නිසි ජනන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම. දැන් අපි නිසි ජනන සැලැස්මක් ඇති කිරීමට ක්‍රියාකරමින් සිටිනවා. තව මාස 06 ක් 07 ක් යනකොට ස්ථිර ජනන සැලැස්මක් තුළින් මේ ආකාරයේ වරින් වර විදුලිය බිදවැටීම් සම්පූර්ණයෙන් නවත්වන්න හැකිවේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ සේවක පිරිස්  සමග කතා කරලා, එකම තීන්දුවකට ඇවිත් තිබෙන්නේ ස්ථාවර විදුලි ජනන සැලැස්මක් සහිත විදුලි පද්ධතියකට ගමන් කරන්න” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අම්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

වැඩිදුරටත් මාධ්‍ය හමුවේ සිය අදහස් දැක්වූ කරුණානායක මහතා,”ඛනිජ තෙල් සංස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයෙන් කෝටි 6900 ක් ගෙවන්න තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රු. කෝටි 8100 ක් ලැබෙන්න තිබෙනවා. මුදල් අමාත්‍යාංශය කියන්නේ අපට අරමුදල් ලබාදිය යුතු ස්ථානයක්. නමුත් මුදල් අමාත්‍යාංශය මේ අවස්ථාවේ දෙන එකම විසදුම තමයි ණයක් ගන්න කියන එක. ණයක් ගත්තම විදුලිබල මණ්ඩලයත් ඛනිජ තෙල් සංස්ථාවත් යන දෙකටම ණය බරක් ඇති වෙනවා. මේ වගේ කිසිම ඉදිරි දැක්මක් නැතිව වැඩ කිරීම තුළින් නිකරුණේ ආණ්ඩුවේ වියදම් වැඩිවන එක පමණයි වෙන්නේ. පොලී ප්‍රමාණය වැඩිවන විට බැංකු පොහොසත් වීමක් විතරයි වෙන්නේ.  අපි මොනදේ වුනත් ගෘහස්ත පාරිභෝගික විදුලිබිල කිසිසේත් වැඩි කරන්න දෙන්නේ නැහැ. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ගැටළුවලට අතදාන්න බලාගෙන ඉන්නේ. මුදල් අමාත්‍යාංශයෙන් ලබාදිය යුතු මුදල් අපට ලබාදෙනවානම්, මේ ගැටළු මේ ආකාරයෙන් ඇතිවන්නේ නැහැ “යැයි පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා