නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කඳුකරයේ දෙමළ ජනතාව තවදුරටත් ඉන්දියානු දෙමළ ලෙස හඳුන්වා නොදෙන ලෙසත් , ඔවුන් සෑම ආකාරයකින්ම සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස පිළිගන්නා ලෙසත් , සාහිත්‍යවේදියෙකු සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන එම් . තිලගරාජා මහතා අවධාරණය කර සිටී .

සියලුම ශ්‍රී ලාංකිකයින් සමග එකට එක්ව මෙරට තුල එකම ජාතියක් ලෙස ජීවත්වීම , කඳුකර දෙමළ ජනතාවගේ අරමුණ බවත් , එසේ ජීවත්වීමට ඔවුන්ට සැබෑ අයිතියක්ද ඇති බවත් , “කහට සුවඳ කවි” ග්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙන් කොළඹ ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රයේ පැවති විශේෂ උත්සවයෙදී තිලගරාජා මහතා පැවසීය .

කඳුකරයේ තරුණ කවි කිවිඳියන් 20 දෙනෙකුගේ කාව්‍ය 20ක් සිංහල හා දෙමළ භාෂාවන්ට පරිවර්තනය කොට , පෙන් ශ්‍රී ලංකා (PEN Sri Lanka ) සංවිධානය විසින් සම්පාදනය කරන ලද මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සව සභාව අමතමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය .

” කඳුකර දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට ඇවිත් මේ වනවිට වසර 200ක් ඉක්මවා තිබෙනවා . ඔවුන් මෙරට ආර්ථිකයට , සංවර්ධනයට විශාල දායකත්වයක් සපයා තිබෙනවා . මමත් එම සමාජයට අයත් කෙනෙක් . මේ රට බෙදා වෙන් කිරීමටවත් , ඉන්දියානු දෙමළ ලෙස වෙන්ව ජීවත්වීමටවත් අපට අවශ්‍ය නැහැ . අප ඉල්ලන්නේ මේ රටේ පුරවැසියන් ලෙස ගෞරවාන්විතව ජීවත්වීමට අපට ඇති අයිතිය තහවුරු කරන ලෙසයි .

1947 -49 කාලවකවානුවේදී අපේ ජනතාවගේ ජන්ද අයිතිය පමණක් නොවේ , පුරවැසිභාවයද අහිමි කෙරුණා . ඒ වනවිට අපේ ජනතාව නියෝජනය කල සත් දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේත් සිටියා . මෙවැනි අසාධාරණකම් , කෙනෙහිලිකම් , රැසකට මුහුණදීමට අපට සිදුවුනා .

තවමත් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අපේ ජනතාවගේ අයිතීන් නිවැරදි ලෙස තහවුරු වී නැහැ . ඒ අයිතීන් වෙනුවෙන් අප තවමත් වෙහෙස වෙනවා . පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ සම්පාදනය කරන ලද මෙම ග්‍රන්ථය , සුවිශේෂී වන්නේ ඒ අනුවයි. . අපේ ජනතාවගේ සිතුම් පැතුම් , , ඔවුන්ගේ හැඟීම් , අරමුණු පිළිබඳව සිංහල ජන සමාජය මෙන්ම , ජාත්‍යන්තර ප්‍රජාවද දැනුවත් කිරීමට මෙම ග්‍රන්ථය විශාල කාර්යභාරයක් ඉටුකරනවා .

අපගේ අයිතීන් , අපේ ගැටළු ගැන , අපේ ජනසමාජය තුල විවිධාකාර කතිකාවන් , සාකච්ජා ඇතිවී තිබෙනවා ,නමුත් අපගේ ගැටළු ගැන සිංහල ජන සමාජය, තුල කතිකාවතක් ඇති කිරීමට මෙම ග්‍රන්ථය සමත්වී තිබෙනවා . එසේම මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවටද පරිවර්තනය කර ඇති බැවින් ජාත්‍යන්තර ප්‍රජාව , හා මෙරට ඉංග්‍රීසි පාඨකයින් තුලත් මේ ගැන අවබෝධයක් ඇතිවෙනවා .

අවස්ථා තුනකදීම , අපගේ ජනතාව යලි ඉන්දියාවට හරවා යැවීමට මෙරට රජයයන් උත්සාහ කළා . ඉන්දියාව සමග ඒ සම්භන්ධ ගිවිසුම් ඇතිකරගත්තා . අපේ ජනතාවගෙන් කොටසකට ඒ අනුව , එම කාලවලදී , තමන් උපන් බිම , හැදුනු වැඩුනු බිම දමා යන්නට සිදුවුනා . මෙවැනි දුෂ්කර යුගයන් රැසක් පහුකරමින් තමයි අද අප මෙතනට ඇවිත් ඉන්නේ .

අපි ඉන්දියාවෙන් තමයි ආවේ . අප තුල ඉන්දීය සංස්කෘතිය , ගැබ්වී තිබෙනවා . නමුත් අප දැන් ශ්‍රී ලාංකිකයි . අපට අවශ්‍ය වන්නේ තවදුරටත් ඉන්දියානු දෙමල ජනතාව ලෙස මෙරට ජීවත්වීමට නොවේ . අපව තවදුරටත් ඉන්දියානු දෙමල ලෙස හඳුන්වන්න එපා . අපි ශ්‍රී ලංකාවේ , සුන්දර කඳුකරයේ ජීවත්වන දෙමල ජනතාව . එලෙස ශ්‍රී ලාංකිකයින් ලෙස සියලු අයිතීන් සහිතව අපව පිළිගන්න . එයයි අපගේ ඉල්ලීම . ඒ වෙනුවෙන් තමයි අප මේ වෙහෙස වන්නේ . ඒ අයිතීන් දිනා ගැනීම සඳහා මෙවැනි ග්‍රන්ථ බෙහෙවින් ඉවහල් වෙනවා . උපකාර වෙනවා .

එම අවස්ථාව සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා , හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය රාධා ක්‍රිෂ්ණන් මහතා ,ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කුරන් දත්තා මහතා , ඉන්දියාවේ කර්ණාටක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මහලේකම් මදන් ගවුඩා මහතා , ශ්‍රී ලංකා – ඉන්දියා සමාජයේ ලේකම් කයිලාසපිල්ලේ මහත්මිය , ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය ඇන්ටන් පියරත්න මහතා , පෙන් ශ්‍රී ලංකා මහලේකම් පැතුම් වික්‍රමරත්න මහතා , සභාපති උපුල් ජනක ජයසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ .

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)