‘A-30’ ගැන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ද අනතුරු අඟවයි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දන එන්නත්වලට ද ප්‍රතිචාර නොදක්වන “ඒ තර්ටි” කොරෝනා වෛරස් ප්‍රභේදය රට තුළට ඇතුළුවුවහොත් යළි ව්‍යවසනකාරී තත්ත්වයකට රට පත්වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අගවා සිටී

මේ හේතුවෙන් ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි අනුගමනය කළ යුතු බවද  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේය .

මේ වනවිට මෙම ඒ තර්ටි ප්‍රභේදය ලොව පුරා රටවල් රැසක පැතිරයමින් ඇති බවත් , එම ප්‍රභේදය ශ්‍රී ලංකාවටද ඉතා නුදුරු දිනකදී ඇතුළුවිය හි බවත් රෝහණ මහතා පැවසීය .

ඒ අනුව එන්නත මත පමණක්  විශ්වාසය නොතියා , සෞඛ්‍ය පුරුදුද ඉදිරියටත් ක්‍රියාත්මක කල යුතු බවද ඒ මහතා පවසයි