නවතම පුවත්

AB හා B කාණ්ඩවල රුධිරය ඇත්නම්, කොරෝනා අවදානම වැඩියි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

AB හා B යන රුධිර කාණ්ඩ සහිත  පුද්ගලයන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ වැඩි හැකියාවක් තිබෙන බව ජාත්‍යන්තර  පර්යේෂණයකින් හෙලි වී තිබේ .

. ඉන්දියාවේ විද්‍යාත්මක හා කර්මාන්තමය පර්යේෂණ කවුන්සිලය විසින් මෙම පර්යේෂණය සිදුකර ඇති අතර ඊට ඉන්දියාව පුරා පුද්ගලයන් 10,000 ක් යොදා ගෙන ඇත

O කාණ්ඩයේ රුධිරය සහිත පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ  අවම අවදානමක් ඇති බවද මෙහිදී අනාවරණය වී ඇත .

. ඔවුන්ට වෛරසය ආසාදනය වුවද රෝග ලක්ෂණ පහළවීමේ හා අසාධ්‍ය තත්වයට පත්වීමේ අවදානම ඉතා අවම බවද හෙලි වී තිබේ. ඒ අනුව O කාණ්ඩයේ රුධිරය සහිත පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා වීමේ වැඩි ඉඩක් තිබෙ.

මෙම පර්යේෂණයේදී හෙලි වී තිබෙන තවත් කරුණක් වන්නේ මස් බහුල ලෙස ආහාරයට එකතු කර ගන්නා පුද්ගලයන්ට වඩා එළවලු වැඩිපුර ආහාරයට ගන්නා පුද්ගලයන් වෛරසයෙන්  ආරක්ෂිත බවය  . එසේම  එළවලුවල ඇති තන්තුමය කොටස් හේතුවෙන් ශරීරයට වැඩි ආරක්ෂාවක් ලැබෙන බවත්, වෛරසය හේතුවෙන් ඇතිවන සංකූලතා මගහරවා ගැනීමට එම තන්තුමය කොටස් උපකාරී වන බවත් පර්යේෂකයන් සඳහන් කර ඇත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි