‘ඡන්දෙන් කවුරු පත්වුණත් සුහදව වැඩකරන්න ලෑස්තියි’ – අමෙරිකානු රජය

Picture of අසංක

අසංක

ඉදිරි මැතිවරණයේදී කුමන ආණ්ඩුවක් තේරී පත්වුවද ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම තම අපේක්ෂාව බව අමෙරිකානු රජය පවසයි.

ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන එම දේශපාලන නියෝජිතයන් අමෙරිකානු රජය ද ලාංකික ජනතා නියෝජිතයින් ලෙස පිළිගන්නා බව අමෙරිකානු රජය පෙන්වා දෙයි.

මෙරට අමෙරිකානු තානාපතිනි ටෙප්ලිට්ස් මහත්මිය මේ බව පැවසුවේ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ඕනෑම අයකුට ප්‍රශ්න කිරීම සදහා ලබාදී තිබූ සජීවී අවකාශය ඔස්සේයි.

අද පස්වරු 1.30 සිට මෙම අවස්ථාව ලබාදී තිබූ අතර ඕනෑම අයකුට ෆේස්බුක් ඔස්සේ අමෙරිකා-ශ්‍රී ලංකා සබදතා, ගැටලු ආදිය ඉදිරිපත් කළ හැකිවිය.

මේ ඔස්සේ ලබාදෙන පිළිතුරු මෙරට සිටින අමෙරිකානු තානාපතිවරියගේ නිල ප්‍රකාශයක් වන අතර එය අමෙරිකානු රජය නියෝජනය කරනු ලබයි.