රැල්ලට නාකි වුණු අයගේ පෞද්ගලිකත්වය අනතුරේ

Picture of අසංක

අසංක

අන්තර්ජාලය පුරා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය තුළ දැන් දැන් අතිශය ජනප්‍රිය වී ඇති වයස්ගත පෙනුමක් ගෙනදෙන faceapp යෙදුම හේතුවෙන් එය භාවිත කරන්නන්ගේ පෞද්ගලිකත්වය අනතුරට පත්ව ඇතැයි ක්ෂේත්‍රයේ විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

මෙම යෙදුම හෙවත් ඇප් එක රුසියානු ව්‍යාපෘතියක් යටතේ සැකසූවකි.

මේ සතිය තුළ සමාජ ජාල හරහා වෛරසයක් මෙන් වූ මෙම ඇප් එක මගින් පෞද්ගලික දත්ත අනතුරට ලක්වන ආකාරය පිළිබඳ එම ඇප් එකෙහි ප්‍රවර්ධකයකු විසින් හෙළිකිරීම නිසා මෙම අවදානම පිළිබඳ අනාවරණය වී ඇත.

මෙම ඇප් එක භාවිත කරමින් තම ඡායාරූප වයස්ගත පෙනුමක් දිස්වන අයුරින් සකස් කරගැනීම රැල්ලක් බවට පත්වී ඇත.

ඒ කෙතරම් ද ෆේස්බුක් ජාලය පුරාම දක්නට හැක්කේ වයස්ගත පුද්ගලයන්ගේ ඡායාරූප පමණක් වන තරමට මෙය ක්ෂණික ජනප්‍රියත්වයකට පත්ව ඇත.

කෙසේවෙතත් මෙම අනතුරු ඇඟවීමට හේතු වූ කරුණු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් පහදා දෙමින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.