ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමය, අද(18) සහ හෙට දින කැඳවා ඇති වර්ජන ක්‍රියාමාර්ගයට කිසිඳු සහයක් පල නොකරන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් 27ක් නිවේදනය කර සිටී.
කිසිඳු සැළසුමකින් තොරව සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ කිසිඳු එකඟතාවයකින් තොරව අද(18) සහ හෙට දිනයන්හි අසනීප නිවාඩු වාර්තා කරන ලෙස දන්වමින් පොදුජන ගුරු සංගමය දැනුම්දීම් සිදුකර ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය සිමිති මෙම නිවේදනය කර සිටී
ගුරු විදුහල්පති වෘත්තීය සමිති බහුතර සංඛ්‍යාවකගේ එකඟතාවයකින් තොරව පොදුජන ගුරු සංගමය සිදුකරන මෙවැනි ක්‍රියා ගුරු විදුහල්පති ඒකාබද්ධ සටන් ව්‍යාපාරය දියාරු කිරීමක් බවත් ආණ්ඩුවේ උවමනාවන් ඉටු කිරීමක් බවත් නිවේදනයේ දැක්වේ.
එසේම ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ඉල්ලීම් දිනාගැනීමේ අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග ලබන 21 වැනිදා ඒකාබද්ධව ප්‍රකාශයට පත්කරන බව ද ගුරු විදුහල්පති වෘත්තීය සමිති බහුතරය පවසයි.
