සෝෆා අත්සන් කළේ නෑ- අගමැති නීතීඥ සංගමයට සහතික වෙයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර වන සෝෆා ගිවිසුම මෙතෙක්අත්සන් කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නීතී ඥ සංගමය හමුවේ සහතික වී ඇත.

ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ ඔහු මෙම සහතිකය ලබාදී ඇත..

සෝෆා ගිවිසුම මෙන්ම එක්සත් ජනපදය සමඟ ඇති වෙනත් ගිවිසුම් පිළිබඳව මෙහිදි සාකච්ජා වී ඇත.

රජය සෝෆා ගිවිසුමක් අත්සන් කර නොමැති බවට අගමැතිවරයා නියෝජිත කණ්ඩායමට සහතික වු බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය

අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල සහ විදේශ අමාත්‍ය තිලක් මාරපන ද ‌මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත