බ්‍රිතාන්‍ය ජාතිකයන් අතීතයේ පටන්ම ඔවුන්ගේ තේ කෝප්පය ගැන ඉතා බරපතළ ලෙස සිතන බව රහසක් නොවේ. සාම්ප්‍රදායිකව ඔවුන් තේ කෝප්පයට දෙන වටිනාකම ප්‍රධාන ආහාරවේලකටත් වඩා බෙහෙවින් ඉහළ ය. ලන්ඩනයේ පිහිටි රාජකීයයන්ගේ බකිංහැම් මාළිගය ඉදිරිපිට පිහිටා තිබෙන සුපිරි හෝටලය දැන් ඒක්සත් රාජධානියේ මිල අධිකතම තේ කෝප්පය පිළිගන්වන්නට සූදානමින් සිටියි. විශේෂත්වය වන්නේ ඉතාම මිල අධික මේ තේ කෝප්පය රස ගැන්වෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ ඉහළින්ම වැවෙන තේ දළුවලින් වීමයි.

ලෝ සුපතළ බකිංහැම් මාළිගය ඉදිරිපසම පිහිටි මෙම තරුපහේ හෝටලය ‘රූබන්ස් ඇට් ද පැලස්’ නැතිනම් ‘රූබන්ස් හෝටලය’ ලෙසින් නම් කර තිබේ. එහි තේ පෝච්චියක මිල සටහන් වන්නේ ඇ.ඩොලර් 620කට හෙවත් පවුම් 500කට ය. ඒ අනුව මෙම හෝටලයේ තේ පෝච්චියක මිල ලංකාවේ මුදලින් එක්ලක්ෂ නවදහසක් පමණ වේ.
ලංකාවේ තේ දළුවලින් තැනෙන එම සුපිරි හෝටලයේ තේ කොප්පයක් ඇ.ඩොලර් 200ක් පමණ වේ. එය ලංකාවේ මුදලින් රුපියල් 35145ක පමණ මිලකට අලෙවි කරනු ලබයි.

බකිංහැම් මාළිගය දෙස බලාගෙන ශ්‍රී ලංකාවේ තේ දල්ලෙන් රස ගැන්වෙන තේ කෝප්පය තොලගාමින් මේ රාජකීය සංග්‍රහය භුක්ති විදින ඔබට එය සැබැවින්ම රාජකීය සංග්‍රහයක් බවට පසක් වනවා නොඅනුමානය. සාම්ප්‍රදායික චාරිත්‍රවලින් පරිපූර්ණ මේ මිල අධිකතම රාජකීය තේ පානයකට ඔබටත් අවස්ථාව හිමිකරගත හැක්කේ රූබන්ස් හෝටලයෙන්ම පමණි. මෙම තේ කෝප්පය රසගන්වන්නේ 1945 සිටම මේ දක්වා ධනවත්ම තේ වෙළෙද සන්නාමය පවත්වා ගැනීමට සමත් වූතේ නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ විශේඥයන් වන පී.ඒම්.ඩේවිඩ් සහ පුත්‍රයෝ සමාගම හෙවත් පීඒම්ඩී සමාගම විසින් ඒංගලන්තයේ රාජකීය තේ පැන් සංග්‍රහයට ගෙනයන ගෝල්ඩන් ටිප්ස් සිලෝන් ටී ය. මෙරට වැවෙන ප්‍රමිතියෙන් ඉහළම තේ කොළ ඒංගලන්තයේ සුපිරි පැළැන්තියට ගෙනයන ප්‍රමුඛයකු ද වේ.
