හැංගි හැංගි සිටි ජාතික ‌පොලිස් ‌කොමිසමේ ‌ලේකම් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ජයවර්ධනපුර රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසිනි.

අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා තිබුණ ද පසුගියදා එය ප්‍රතිස්ෂේප වී තිබුණි.

ඉන් අනතුරුව හෙතෙම ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව තිබුණි.

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළ ඒ මහතා ඇතුළු 8 දෙනෙක් ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමග අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.